අයහපත් කාළගුණික තත්ත්වයෙන් විපතට පත් ජනතාව ඉන් මුදවා ගැනීම සඳහා නාවික හමුදාව කටයුතු කරමින් සිටී. මේ වන විට දකුණු සහ බස්නාහිර යන පළාත් වල ඇති වී තිබෙන ගංවතුර තත්ත්වය හමුවේ, ඇති වූ හදිසි තත්ත්වයට ක්ෂණිකව ප්‍රතිචාර දක්වමින් ඩිංගි යාත්‍රා 42 ක් සහිත නාවික සහන කණ්ඩායම් 42 ක් ගංවතුර අවධානම පවතින ප්‍රදේශ වලට යොමු කොට ඇත. ඔවුන් සඳහා ආපදා සහන සැලසීමේ කටයුතු වෙනුවෙන් අද (26) සවස වන විට නාවික පුද්ගලයින් 261 දෙනෙකු අනුයුක්ත කොට තිබිණි.
ඒ අනුව, දකුණු පලාතේ ගං වතුරින් අවතැන් වූ ජනතාවට සහන සැළසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් 18 ක් යොදවා ඇති අතර, බස්නාහිර පලාතේ ගං වතුරෙන් අවතැන් වූ ජනතාව එම ප්‍රදේශයෙන් ඉවත් කිරීම හා ඔවුන්ට සහන සැළසීමට ආපදා සහන කණ්ඩායම් 24 ක්ද යොදවා ඇත. කඹුරුපිටිය, නෙළුව, ඉමදූව, වඳුරඹ, පිටබැද්දර, අකුරැස්ස, මාතර, දෙයියන්දර, හේනකඩුව, හුංගම, පාදුක්ක, හංවැල්ල, මතුගම, පුවක්පිටිය, බුලත්සිංහල, බඳුරලිය, කළවාන, උඩුගම සහ පිටිගල යන ප්‍රදේශයන්හි මෙම මුදවා ගැනීමේ මෙහෙයුම් දියත් කර ඇත.
[story-lines]
එමෙන්ම, තව දුරටත් නාවික හමුදාව විසින් අවතැන් වූවන් මුදවා ගැනීමේ සහ ඔවුන්ට සහන සැළසීමේ කටයුතු සිදු කරමින් පවතී.
ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංක
හදිසි ආපදා ක්ෂණික ඇමතුම් | 117 |
සාමාන්‍ය ඇමතුම් |
011 2136136 |
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය |
011 2670002 011 2136222 |
ෆැක්ස් අංකය | 011 2670079 |
රන්තපුර දිස්ත්‍රික්කය |
0452222235 / 0714423760 |
කළුතර දිස්ත්‍රික්කය |
034 2222235 / 0716814813 |
ගාල්ල දිස්ත්‍රික්කය | 0912234235 / 0714415377 |
මාතර දිස්ත්‍රික්කය | 0412222235 / 0776864397 |
හම්බන්තොට දිස්ත්‍රික්කය | 0472256235 / 0714441612 |
කොළඹ දිස්ත්‍රික්කය | 0112369134 / 0773184910 |
ගම්පහ දිස්ත්‍රික්කය | 0332222235 / 0773273507 |
කෑගල්ල දිස්ත්‍රික්කය | 0352222235 / 0773633293 |
[FAG id=741]