සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් (SME) හට රටේ පවතින බදු ක්‍රමය තේරුම් ගැනීමට නොහැකි තරමට සංකීර්ණ බව කොළඹ වාණිජ මණ්ඩලයේ සභහපති ආචාර්ය අමිල කන්කානම්ගේ මහතා අප කල සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය. ව්‍යාපාරිකයන් විසින් ගෙවන බදු වලට සමානව ඔවුනට ප්රතිලාභ ලබා දිය යුතු බවත් බදු ක්‍රමය පිළිබඳව නිසි දැනුමක් සාමාන්‍ය ව්‍යාපාරික ප්‍රජාවට පවතින රජය විසින් ලබා දිය යුතු බවත් කෝටි දෙකකට අධික ජනතාවක් ජීවත් වන රටක ලක්ෂ දෙකක පමණ බදු ගෙවන්නන් ගෙන් එන ආදායමින් රටේ සංවර්ධනය නගා සිටු විය නොහැකි බවත් එතුමා පැවසීය.
“ශ්‍රී ලංකාවේ SME කියන අංශය හඳුනා ගැනීමේ ගැටළුවක් තියෙනවා. BOI එක SME කියල හඳුන්වන්නේ එක කොට්ඨාෂයකට, EDB එක හඳුන්වන්නේ තව කොට්ඨාෂයකට, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය හඳුන්වන්නේ තවත් කොට්ඨාෂයකට.
“BOI එක කියන්නේ සේවකයන් 9 හෝ ඊට අඩුවෙන් සේවය කරනවානම් SME කාණ්ඩයට අයත් වනවා කියලා, EDB එක කියන්නේ මූලික ආයෝජනය රු. මිලි. 5 හෝ ඊට වැඩිනම් SME කාණ්ඩයට අයත්වනවා කියලා. එතකොට ඔය දෙකටම අයිති නැති අයට ජාත්‍යන්තර වශයෙන් කියන්නේ ක්ෂුද්‍ර සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයින් (MSME – Micro Small Medium Entrepreneur) කියලා. ඒ කියන්නේ එක් අයෙක් හෝ දෙදෙනෙක් විසින් කරගෙනු යනු ලබන ස්වයං රෑකියා මට්ටමේ ව්‍යාපාර වලට. කොළඹ වාණිජ මණ්ඩලය විසින් මේ අවුරුද්දේ විශේෂයෙන් බලපොරොත්තු වෙනවා MSME අයට සමාජ ජාල සහ ජනමාධ්‍ය පිළිබඳවත්, තමන්ගේ ව්‍යාපාරික සිහිනය කොහොමද සැබෑ ව්‍යාපාරයක් දක්වා ගෙන යන්නේ කියලත් වැඩ මුළු පවත්වන්න.”
” SMEලට තියෙන ප්‍රධාන අභියෝග ගත්තොත් පලවෙනි ප්රශ්නය විදියට මම දකින්නේ SMEලට තියෙන ව්‍යාපාර අවස්ථා අවම බව. ඔවුන් සිටින මට්ටමෙන් ඉහළට ව්‍යාපාරය දියුණු කරගන්නේ කොහොමද කියන දැනුම අඩු කම.
දෙවෙනි ප්රශ්නය විදියට මම දකින්නේ ශ්‍රී ලංකාවෙන් එතෙර වෙළඳපොල තරණය කිරීම සඳහා අවශ්‍ය ප්රාග්ධනය නොමැති කම. මම පෞද්ගලිකවම දන්න විදියට රාජ්‍ය බැංකු මඟින් මේ සඳහා ව්‍යාපාරිකයන්ට දෙන සහයෝගය ඉතා අඩුකම. ණය පහසුකම් ලබා ගැනීමට යාමේදී ලියකියවිලි ඉතා විශාල ප්‍රමාණයක් ඉල්ලීම නිසා ව්‍යාපාරිකයන් අධෛර්යට පත්වීමත් දකිනවා.”
“GSP+ සහනය වැඩියෙන්ම බලපාන්නේ රටේ ඇඟළුම් කර්මාන්තයට. යුරෝපා සංගමය විසින් තුන්වන ලෝකයේ රටවලින් යුරෝපය සඳහා යන භාණ්ඩ වලට විශේෂ බදු සහන ලබාදීම GSP+ මඟින් ලැබෙනවා.”
“වර්ථමානයේ සමාන්‍ය ව්‍යාපාරිකයන්ගේ පවතින තාක්ෂණික දැනුම බොහොම අඩු මට්ටමකින් තියෙන්නේ. ලෝකයේ දියුණු තාක්ෂණික මෙවලම් තියෙනවා තමන් ගේ ව්‍යාපාරය පවතින මට්ටමින් වඩා ඉහළ මට්ටමකට දියුණු කරගන්න. අපේ ව්‍යාපාරිකයන් ඒවා භාවිතා කරන්නේ නෑ. ඒ මොකද ඒවා භාවිතා කරන්න දන්නේ නැති නිසා. රජය විසින් හෝ BOI එක විසින් හෝ NARA එක මඟින් හෝ වේවා තාක්ෂණ් භාවිතය පිළිබඳව ව්‍යාපාරිකයන් දැනුවත් කරන්න අවශ්‍ය වෙනව.”
“ICTA ගිවිසුම අපේ ව්‍යාපාරිකයින්ට බලපාන ආකාරය ගැන කියන්න එම ගිවිසුමේ අඩංගු කරුණු මොනවාද කියල හරියට දන්නේ නැතුව ඒ ගැන යමක් කියන්න අපහසුයි. නමුත් ICTA ගිවිසුම් ලෝකේ අනිත් රටවල් අත්සන් කරල තියෙනව. ඒත් ඒ කිසිම රටක් ගිවිසුම් අත්සන් කරල තියෙන්නේ තමන්ගේ රටට පාඩුවක් නොවනම් පමණයි. උදාහරණයක් විදියට සිංගප්පූරුව ICTA ගිවිසුම් 18කට වඩා අත්සන් කරල තියෙනවා. ඒත් ඒ කිසි ගිවිසුමකින් සිංගප්පූරුවට කිසිදු අවාසියක් වෙන්නේ නෑ.”
“කොළඹ වාණිජ මණ්ඩලය මඟින් ඉදිරියේ දී අපේ දේශීය ව්‍යාපාරිකයන් ගේ දැනුම වර්ධනය කිරීමේ වැඩසටහන් කිහිපයක් කරගෙන යනවා. ඊට අමතරව අපි රටවල් කීපයක් අතර කතා කරගෙන යනවා ඒ රටවල් හා ශ්‍රී ලංකාව අතර ව්‍යාපාරික සබඳතා ගොඩනංවා ගැනීමට. උදාහරණයක් විදියට ටජිකිස්තාන (Tajikistan) රජය සමඟ කතා කරගෙන යනවා දෙරට අතර ගනු දෙනු කල හැකි ව්‍යාපාරික අවස්ථා මොනවාද කියලා. වාණිජ මණ්ඩලයක් විදියට නිතරම අපි රජය විසින් කරනකන් බලන් ඉන්නේ නෑ. අපි අපේ ව්‍යාපාරිකයන් වෙනුවෙන් මෙතනට ඇවිල්ල ඉන්නේ. අපේ කාල සීමාව ඉවර උනාට පස්සේ අපිට කියන්න බෑ රජය මුකුත් කලේ නෑ ඒක නිසා අපිට මුකුත් කරන්න බැරි උනා කියලා. ඒක උත්තරයක් නෙමෙයි. අපිට පුළුවන් මට්ටමින් රජයත් සමඟ සහ වෙනත්රටවල් වල වාණිජ මණ්ඩල සමඟ කතා බහ කරලා ව්‍යාපාර සංවර්ධන වැඩපිළිවෙලවල් කරගෙන යන්න.”